Wednesday, April 24, 2024

General line - 0115112241

පාරේ ටයර් පුළුස්සමින් පිරිසක් යකා නටයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අගුණුකොළපැලැස්ස නගර මධ්‍යයේ දෙදහසක පමණ පිරිසක් මාර්ග රැසක් අවහිර කරමින් වැඩි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සිය සමෘද්ධි ප‍්‍රතිලාභය අසාධාරණ ලෙස කප්පාදු කර ඇතැයි බවට සඳහන් කරමින්.

අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වසම් 51 ක් ඇති අතර එහි වෙසෙන සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව 5008ක්. ඉන් 2500කගේ පමණ අසාධාරණ ලෙස සමෘද්ධි දීමනාව කප්පාදු කරමින් වෙනත් නුසුදුසු පිරිසක් වෙත ලබා දී ඇති බව පවසමින් සහ ඊට විරෝධය පාමින් මෙම විරෝධතාවය සිදු කරනවා.

විරෝධතාවය නිසා මිද්දෙනිය, හුංගම සහ තංගල්ල ප්‍රදේශවෙත පිවිසෙන මාර්ග මුළුමනින්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.