Friday, March 29, 2024

General line - 0115112241

 හමුදාවේ හයක් 'යට කළ' ප්‍රංශයේ නොසිතු ප්‍රහාරය 




ප්‍රංශයේ දී  මෝටර් රථයක් හමුදා සාමාජිකයන් යට කරගෙන යෑමෙන්  හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලෙවාලොයිස් පරේට්  නගරයේ මුර සංචාරයේ නිරත හමුදා සෙබළුන් පිරිසක් මෙලෙස මෝටර් රථයට හසුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වනවා.

රථයේ රියදුරු මේ වනවිට සිද්ධිය වූ ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලීසිය මෙහෙයුම් අරඹා තිබෙනවා.

පසුගිය කාලය පුරා එල්ල වූ ඉස්ලාමීය ජිහාඩ් ප්‍රහාර  මාලාවෙන් පසුව මෙම මුර සංචාර නිතිපතා සිදු වනවා.