Tuesday, April 23, 2024

General line - 0115112241

බල මාළු  විශාල අස්වැන්නක් නෙලා ගනිමින් සිටියදී හයක් සමග ''මන් දිනු පුතා '' යාත්‍රාවට වෙච්ච දේ 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




ගොඩබිම සිට මුහුදු සැතපුම් 400 ක් පමණ ඈත දී  යාන්ත්‍රික දෝෂයකට ලක් වූ බහු දින යාත්‍රාවක සිටි ධීවරයින් 06 දෙනෙකු ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.


මෙසේ අනතුරට ලක්වී ඇත්තේ හික්කඩුව ධීවර වරායෙන් පසුගිය මස 21 වන දා මුහුදු ගිය ''මන් දිනු පුතා '' නැමති ධිවර බෝට්ටුවක්.

පසුගිය මස 21 වන දා හික්කඩුව  ධීවර  වරායෙන් මුහුදු යාමට කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සමග මෙම ධීවර බෝට්ටුව පිටත් වී ඇති අතර පසුව එහි කාර්ය මණ්ඩලය අඩු නිසා නැවත එම ධීවර යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණ  යාත්‍රාවේ හිමිකරු ද සමග පිටත් වී තිබෙනවා. 

මෙහිදී විශාල මත්ස්‍ය අස්වැන්නක් නෙලා ගනිමින් තිබූ අතර තවත් කාර්යමණ්ඩලය අවශ්‍ය වී තිබු නිසා පසුව හම්බන්තොට ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක සිටි තවත් ධිවරයින් 03 දෙනෙකු බෝට්ටුවට එක්කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය මස 24 වන දා මෙම ධිවර බෝට්ටුවේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා අනතුරට පත් වී ඇති අතර ඒවනවිට බෝට්ටුව තුල ලක්ෂ 30 ක පමණ වටිනාකමකින් යුත් නෙලා ගන්නා ලද  බල මාළු තොගයක් තිබු බව එහි හිමිකරු වන පුෂ්පකුමාර සොයිසා පවසා සිටියා.

“මාළු සමග බෝට්ටුව නාවික හමුදාවේ සයුර නෞකාවෙන් ඇදගෙන ආවා .නමුත් ගොඩබිම සිට මුහුදු සැතපුම් 200 ක පමණ ඈතදී බෝට්ටුව ගිලුනා” යැයිද  ඔහු සඳහන් කළා.