Saturday, April 20, 2024

General line - 0115112241

පිළියන්දලදී වෙඩි තැබීමෙන් මිය ගිය දැරියගේ මාපියන් ජනපති හමු වෙයි




පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට ඉකුත්දා එල්ල වූ වෙඩි ප‍්‍රහාරයට මැදිව ජීවිතක්‍ෂයට පත් වු දැරියගේ දෙමව්පියන් අද (09) ජනාධිපතිවරයා මුණ ගැසුණා. එහිදී තුවාල ලැබූ දරුවන් දෙදෙනාගේ ඉදිරි වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු පිළිබඳවද එහිදී විමසා බැලූ බවයි ජනාධිපති  මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඔවුන්ගේ පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙහිදී මුදල් පරිත්‍යාගයක්ද සිදු කළා. ඉකුත් මැයි 9 වනදා පිළියන්දල - මොරටුව පාරේදී මෙම වෙඩි තැබීම සිදු වුණා. එහිදි 11 හැවිරිදි දැරියක් ජීවිතක්‍ෂයට පත් වූ අතර ඇයගේ වැඩිමහල් සොහොයුරා සහ බාල සොහොයුරිය තුවාල ලැබුවා.