Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් ලොවේ අවධානය දිනු "කුල්දීප්" අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යවයි




ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී නවක දග පන්දු යවන ක‍්‍රීඩක කුල්දීප් යාදෙව් ඉන්දීය සංචිතයට කැදවීමට නියමිතයි.

විසි දෙහැවිරිදි ඔහු වමතින් චයිනමන් පන්දු යවන්නෙක්. ඔහු ඉකුත් දා නිමා වූ කොදෙව් එක්දින තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මත ලොව පුරා දැඩි අවදානයක් දිනා ගත්තා.

කෙසේ වෙතත් කුල්දීප් යාදෙව් මේ දක්වා සහභාගි වී ඇත්තේ එක් ටෙස්ට් තරගයකට පමණයි. ශ‍්‍රී ලංකාව සමග ඉකුත්දා පැවති පුහුණු තරගයේ දී ඔහු ලකුණු 14කට කඩුලු 04ක් බිඳ හෙළුවා.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන සෙනසුරාදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. 02 ට 0ක් ලෙස තරගාවලිය ඉන්දියාව දැනටමත් ජය ගෙන අවසන්.