Wednesday, April 24, 2024

General line - 0115112241

විජේදාසට එරෙහිව හදිසියේම ආණ්ඩුවෙන්ම විශ්වාසභංගයක් - අත්සන් ගැනීම කඩිමුඩියේ




අධිකරණ  අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. ආණ්ඩු පක්ෂයේම පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනඑන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේවනවිටත් මැති ඇමතිවරු කිහිප දෙනකු ඒ සඳහා අත්සන් තබා ඇතැයිද එම ආරංචි පවසනවා.

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ පවරා ඇති නඩු කඩිනමින් නිම නොකිරීම, හම්බන්තොට වරාය බදු ගිවිසුම විවේචනය කිරීම, ඔහු වෙත එල්ල වවන චෝදනායි. 

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී ඇතැයි ද සඳහන්. එහිදී ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ ද විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවයි. එසේ නොකළහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවද පසුපෙළ මන්ත‍්‍රීවරුන් එහිදී අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.