Saturday, April 20, 2024

General line - 0115112241

"පාඩමක් උගන්වා ගෙදර යන එක හොඳයි..මාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා"-  ඇමති හරීන් තීරණාත්මක ප්‍රකාශයක 




ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සමග එක්ව එළියට බැස සටන් කිරීමට තමන්ට සිතෙන බව  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තමන් සමග ඒ සඳහා සුදානම් කණ්ඩායමක් සිටින බවයි  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහිදී කියා සිටියේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව සිතෙන නිසා  හොරුන්ට පාඩමක් උගන්වා  ගෙදර යන එක හොඳ බව තමන් සිතන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.


අමාත්‍යවරයා පහත පරිදි තම අදහස් පළ කළා.


"සම්මුති ආණ්ඩුවට මම ගරු කරනවා.මේ ආණ්ඩුව ගෙනාවේ අපි හොරු අල්ලනවා කියලා.වසර දෙකක් බලා සිටියත් වුණේ නෑ.දැන් ඉතින් මේ ක්‍රමය හොඳයි කියලා හිතනවා නම් පොලිසිය පරීක්ෂණ ඉවර කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වෙනවා නම් මොකක් හෝ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා හිතනවා නම් එළියට බැහැලා හරි සටන් කරන්න මට හිතෙනවා.


මාත් එක්ක කණ්ඩායමක් ඉන්නවා.දැන් මේකේ ඇමතිකම් කරනවට වඩා මේක දියත් කිරීමයි රටට හොඳ.හොරුන්ට පාඩමක් උගන්වලා ගෙදර යන එක හොඳයි කියල මට දැන් හිතිලා තිබෙනවා.මම අද සිට ඒ කර්තව්‍ය ක්‍රියාත්මක කරනවා."