Thursday, April 25, 2024

General line - 0115112241

රටට සෙත් පතමින් නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අවසන් වේ (PHOTOS) (UPDATE)




රටට සෙත් පතමින් ඉකුත් 05 වැනිදා ආරම්භ වූ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (14) පෙරවරුවේ අවසන් වුණා.

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ධාතූන් වහන්සේ අද දිනයේදී බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයට නැවත වැඩම කෙරුණා.

දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් තමන් ජීවිතයේ ලද මෙම උතුම් භාග්‍ය පිළිබඳ නෙත් රේඩියෝවට ස්තූතිය පළ කරමින් ප්‍රසංසා මුඛයෙන් අදහස් පළ කර සිටියා.

 

----------------------------------

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනය අද (UPDATE)

(2017 - 08 - 14 07:30)

 

රටට සෙත් පතමින් ඉකුත් 05 වැනිදා ආරම්භ වූ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අද (14) දිනයෙන් අවසන් වනවා.

ඊයේ (13) මධ්‍යම රාත්‍රිය වනතුරුත් ධාතූන් වහන්සේ වැදපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට පැමිණෙනු දැකගත හැකි වුණා.  

ඉකුත් දින කිහිපය පුරාම නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය හා දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල පිරිසක් බැති සිතින් සහසම්බන්ධ වුණා.

තමන් ජීවිතයේ ලද මේ උතුම් භාග්‍ය පිළිබඳ ඔවුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ පින් සිතින් යුක්තවයි.

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය යටතේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ධාතූන් වහන්සේ අද දිනයේදී බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානයට නැවත වැඩම කරවීමට නියමිතයි.

 

-----------------------------------------

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව විශේෂ ආශිර්වාද බෝධි පූජාව (PHOTOS) - (UPDATE)

(2017 - 08 - 13 18:42)

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව විශේෂ ආශිර්වාද බෝධි පූජාව මේ වන විට සාර්ථකව පැවැවෙනවා.

ඒ, මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ට ආශිර්වාද පතමින්.

 

 

------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව අද විශේෂ පූජාවක් (13-08-2017 06:18)

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් ද අද (13) පැවැත්වෙනවා.
ඒ, මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ට ආශිර්වාද පතමින්.

ශ්‍රී  සර්වඥ ධාතුන් වහන්සේ ද, සැරියුත් හා මුගලන් අග්‍රශාවක මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ සහ මලියදේව මහරහතන් වහන්සේ ඇතුළු තවත් මහරහතන් වහන්සේ කිහිප නමකගේ ධාතුන් වහන්සේ ද නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී දැක වැඳපුදා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ වනවිට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සැදැහැවතුන්ගෙන් වන්දනා ලබන මෙම ධාතුන් වහන්සේ, නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය අවසන් කරමින් හෙට (14) අලුයම පැවැත්වෙන කිරි ආහාර පූජාවෙන් පසු නැවත බෙන්තර ගලපාත රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරෙනවා.  

------------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට විශාල බැතිමතුන් පිරිසක් (UPDATE)

(2017 - 08 - 12 19:10)

 

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය බණ්ඩාරවෙල ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී මේ වනවිට පැවැත්වෙනවා. 

මහා ධාතු නමස්කාරය හා සම්බන්ධ වීමට  සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

 

 

..................................................................

නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය අද බණ්ඩාරවෙලට (PHOTOS) 

06.54

 

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේදී සැදැහැවතුන්ට වැඳපුදාගත හැකි ධාතුන් වහන්සේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට අද (12) පෙරවරුවේ වැඩම කරවනවා. 

ඒ, පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේ සිටයි. නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය සදහා බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිතයින් ප්‍රකාශ කළේ. 

මේ අතර නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය හා සම්බන්ධ වන සැදැහැවතුන් බැති සිතින් ඊට සහ සම්බන්ධ විම ඉතා වැදගත් බව මහ සංඝරත්නය පවසනවා. 

පූජ්‍ය ගනේකන්දේ චන්දරතන හිමියන් සඳහන් කළේ තමන් මෙන්ම තවත් කෙනෙකුට ද ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට පහසුකම් සලසන්නේ නම් එය මහගු පුණ්‍ය කර්මයක් බවයි.

< --------------------------------------------

 

 

නේත්‍රාභිවන්දනයට දස දහස් ගණනින් බැතිමතුන් එක්වෙයි! (PHOTOS) (11-08-2017 12:31)

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට සමගාමීව සැදැහැවතුන් තවත් පිංකම්වල යෙදී සිටිනවා. ඒල දන්සැල් සහ උපස්ථාන සේවා වැනි කටයුතු සංවිධාන කරමින්. ශ්‍රී   සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දී දැක වැඳපුදා ගත හැකියි.

මේ වනවිට මෙම පිංකම සිදු කෙරෙන්නේ පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේදීයිග සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ මග පෙන්වීමෙන් බෙලිමල් දන්සැලක් ද එහි පැවැත්වෙනවා

මේ අතර ධාතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා මේ වනවිටත් පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානය වෙත සැදැහැවතුන් දස දහස් සංඛ්‍යාත පිරිස් පැමිණ සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. ධාතුන් වහන්සේ දැක වන්දනා කරන සැදැහැවතුන් පිටව යන්නේ පිං සිත් ඇතිවයි. 

අද මධ්‍යම රාත්‍රීය දක්වා තවදුරටත් පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේ දී නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයට එක්වීමට සැදැහැවතුන්ට අවස්ථාව තිබෙනවා. හෙට මෙම ධාතුන් වහන්සේ බණ්ඩාරවෙල ශ්‍රී   පුෂ්පාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.









...................................................................

නේත්‍රාභිවන්දනය අදත් සංඛපාල විහාරයේදී!

-------------------------------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය පල්ලෙබැද්ද සංඛපාල රජමහා විහාරයේ දී අදත් සිදු කෙරෙනවා. එහි පැමිණ ශ‍්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ දැක වැඳපුදා ගැනීමට ඔබටත් හැකියි. සුදු වතින් සැරසුණු සැදැහැවතුන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ දිනයේද පල්ලේබැද්ද සංඛපාල විහාරස්ථානයට පැමිණ ධාතුන් වහන්සේ දැක වැඳපුදා ගත් බව එහි සිිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

හෙට (12) අලුයම දක්වා සංඛපාල රජමහා විහාරස්ථානයේදී නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරයට ඔබටත් සහභාගී විය හැකිය. 

මේ අතර ධාතු නමස්කාරකය සඳහා විහාරස්ථානයට යන ඔබට විහාරස්ථාන පරිශ‍්‍රය පිරිසිදු කර, තවත් පිං රැස් කරගත හැකි බව මහා සංඝරත්නයට පෙන්වා දෙනවා. විහාරස්ථාන පරිශ‍්‍ර පිරිසිදු කිරීම වැනි ක‍්‍රියා බෞද්ධ ධර්මයේ විස්තර කර ඇත්තේ වතාවත් ඉටු කිරීම ලෙසයි මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධ ආශ‍්‍රමවාසී පූජ්‍ය මොරාවත්තේ සුබෝධි හිමියන් පවසන්නේ. වතාවත් ඉටු කිරීම ශීලය සම්පූර්ණ කිරීමට අවශ්‍යම බවද මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

තනි තනිව මෙන්ම කණ්ඩායමක් ලෙස සංවිධානගතව ද විහාරස්ථාන පරිශ‍්‍ර පිරිසිදු කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ඔබේ යහපත් ක‍්‍රියාව අන්‍යයන්ට ද පෙළඹවීමක් වනු ඇති. 



 

.