Thursday, April 25, 2024

General line - 0115112241

ලක්ෂාන්ට දෙවන වටය අහිමිවෙයි




2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ දී තවත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයෙකු අද (11) තරග බිමට පිවිසියා. ඒ, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වට සහභාගී වූ වරුණ ලක්ෂාන්. කෙසේ වෙතත් දෙවන වටට සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔහු සමත් වුයේ නැහැ.

පළමු උත්සහයේ දී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 73.16. ඔහුගේ දෙවන හා තුන්වන උත්සහයන් ව්‍යර්ථ වී ගියා. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි.