Friday, March 29, 2024

General line - 0115112241

ඇමති විජයදාසට ආණ්ඩුවෙන් තවත් පහරක් - ගෙනා පණතත් ඉවත් කරයි

සමන්ත කුමාර




අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ පණත් කෙටුම්පතක් සහ ගැසට් නිවේදනයක් අද (11) සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉවත් කර ගෙන තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී මෙලෙස න්‍යාය පත්‍රයෙන් ඉවත්කර ගැනුණේ අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධි විධාන කෙටුම්පතක් සහ අධිකරණ සංවිධාන පණතේ නියෝගයක්ය.

ප්‍රධාන කටයුතු ආරම්භයෙදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙය ඉවත් කරගන්නා බව දැනුම් දුන්නා.