Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාව තුනට බින්දුවක් සොයද්දී ශ්‍රී ලංකාව අද ගෞරවය සොයන්න සුදානම්




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) ආරම්භ වනවා. 

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

අද තරගයට කණ්ඩායම දෙකේම ප්‍රධාන දඟ පන්දු යවන්නන් වන රවින්ද්‍ර ජඩේජා සහ රංගන හේරත් සහභාගි වන්නේ නැහැ. 

තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ඉන්දියාව දැනටමත් ජයගෙන අවසන්. 

ඔවුන්ගේ අද අරමුණ වන්නේ 3ට 0ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමයි. 

අද තරගය ජය ගෙන ගෞරවය රැක ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණයි.