Thursday, April 18, 2024

General line - 0115112241

පෙර තරගයට වඩා වෙනස්කම් තුනක් අද තරගයේ




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දැන් පැවැත්වෙනවා. 

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව තීරණය කළේ පන්දුවට පහර දීමටයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට වඩා වෙනස්කම් තුනක් සහිතව අද තරගයට එක් වනවා. 

ඒ අනුව ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ ක්‍රීඩකයින් තිදෙනායි. 

නිරෝෂන් දික්වැල්ල සිය උපන්ගමන වන මහනුවර දී අද පළමුවරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.