Saturday, April 20, 2024

General line - 0115112241

'හසරැල්ලේ කැරැල්ල' ඇරඹේ 




ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කරගෙන ජාතික තරුණ සේවා සභාව විසින්"හසරැල්ලේ කැරැල්ල" යන තේමාව යටතේ සංවිධානය කළ වැඩසටහන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථාන පිටියේ  දී පැවැත්වෙනවා.

"No Drugs අපි Youth " යන නමින් තරුණ තරුණියන් 1600 ක්, කලාකරුවන්, ක්‍රීඩකයින් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේ සිට  පොලිස් ක්‍රිඩාංගනය දක්වා පැමිණි  පාගමන සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ද එක්ව සිටියා.

මත්ද්‍රව්‍ය  නිවාරණ තරුණ වැඩසටහන බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථාන පිටියේ  දී මේවන විට පැවැත්වෙන අතර අමාත්‍ය සාගල රත්නායක සහ පොලිස්පතිවරයා ද එහිදී වැඩසටහනට එක්ව සිටිනවා.