Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාව පළමු ඉනිමේ දෙවන දිනය අරඹයි  (UPDATE)




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිමේ දෙවන දිනය ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විට කඩුලු 07ක් දැවී ලකුණු 380 ක් ලබා සිටිනවා.

 

------------------------------------

ඉන්දියාව කඩුලු 06ක් දැවී ලකුණු 329යි - මලින්ද වැඩ පෙන්වයි (UPDATE)

(2017 - 08 - 12 19:27)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (12) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 329ක් ලබා සිටියා. 

ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු 119ක් රැස් කළ අතර කේ එල් රාහුල් ලකුණු 85කට දැවී ගියා. 

නායක විරාත් කෝලිට ලබා ගත හැකි වූයේ ලකුණු 42ක් පමණයි. 

ඉන්දීය ඉණිමේ පළමු කඩුල්ල ලකුණු 188 දී බිද වැටුණු අතර දෙවන කඩුල්ල බිඳ  වැටුනේ ලකුණු 219දීයි. 

කෙසේ වෙතත් ඉන්දීය මැදපෙළ පිතිකරුවන්ට දිගු ඉණිමක් ක‍්‍රීඩා කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. 

ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලූ 04 ලකුණු 93ක් තුළ දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. 

මලින්ද පුෂ්පකුමාර ලකුණු 40 ට කඩුලූ 03ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 84කට කඩුලූ 02ක් බිද හෙළුවා. 

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි. 

 

 

................................................

ශ්‍රී ලංකාවට නැතිවූ වාසියෙන් ඉන්දියාව ලෝක වාර්තාවකුත් සම කරයි

12.27

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 

මෙම තරගාවලියේ පිට පිට තුන්වන වරටත් කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දිය නායක විරාත් කෝලි සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. 

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ඉන්දියාව කිසිවෙකු නොදැවී ලකුණු 134ක් රැස් කරගෙන සිටිනවා. 

ශිකර් දවාන් නොදැවී ලකුණු 64යි. කේ එල් රාහුල් නොදැවී ලකුණු 67යි. 

ඔහු අද රැස් කළ මෙම අර්ධ ශතකය ලෝක වාර්තාවක් සම කිරීමක් ද වනවා. 

ඒ, පිට පිට තරග 07කදී අර්ධ ශතක හතක් රැස් කර ගත් ක්‍රීඩකයින් අතරට එක්වෙමින්. 

කුමාර් සංගක්කාර, ශිවනාරින් චන්ද්‍රකෝන්, ඇන්ඩි ෆ්ලවර්, ශ්‍රීමත් ඊ ඩී වීක්ස් හා ක්‍රිස් රොජස් මීට පෙර පිට පිට අර්ධ ශතක 07ක් රැස් කර ගෙන සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක් වුණේ වෙනස්කම් තුනක් සමගයි. ලක්ෂාන් සඳකැන්, ළහිරු කුමාර හා විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ ක්‍රීඩකයින් තිදෙනායි. 

නිරෝෂන් දික්වැල්ල සිය උපන්ගමන වන මහනුවර දී අද පළමුවරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.