Thursday, April 25, 2024

General line - 0115112241

මකුණන් නිසා දුම්රියත් නවතී 




දුම්රිය නියාමකවරුන් පිරිසක් අද (12) උදෑසන වැඩවර්ජනයක් ආරම්භ කළා. 

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සහ මරදානේ දුම්රිය නියාමක රාජකාරිවලට බාධා එල්ල වුණා. 

වර්ජනයට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ දුම්රිය ස්ථානවල නියාමකවරුන්ගේ නිල නිවාසවල බෝවී සිටින මකුණන් මර්දනයට මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන්. 

ඒ අනුව උදෑසන 10.00 සිට ඔවුන් වැඩවර්ජනයක් ආරම්භ කළා. 

මේ හේතුවෙන් කොළඹ සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ප්‍රමාද වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

කෙසේ වෙතත් අද පෙරවරු 11.00ට පමණ දුම්රිය නියාමකවරුන් සිය වැඩවර්ජනය අවසන් කළා. 

මේ අතර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බස් රථය හැර අනෙකුත් දුම්රියන් හෙට දිනයේ ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 

මහරගම සහ කොස්ගම අතර එම රේල් බස් රථය ධාවනය වනු ඇති.