Friday, April 19, 2024

General line - 0115112241

නෙළුම් පොකුණ ජල යෝජනා ක්‍රමය නිසා ප්‍රදේශවාසින් ජල අර්බුදයක




හලාවත මාදම්පේ ඉදිකර ඇති නෙළුම් පොකුණ ජල යෝජනා ක්‍රමයෙන් වැඩි වශයෙන් ජලය බෙදා හැරීම හේතුවෙන් කඹුරුපිටි ඔය සිදී ගොස් ඇතැයි ප්‍රදේශවාසින් පවසනවා. 

ඔවුන් සඳහන් කළේ මේ හේතුවෙන් ඔය අවට පදිංචිකරුවන් දැඩි පානීය ජල අර්බුදයකට මුහුණපා ඇති බවයි. 

මාදම්පේ සහ ඒ අවට පදිංචි පවුල් දෙදහසකට පමණ පානීය ජලය ලබා දීම සඳහායි මෙම ජල යෝජනා ක්‍රමය ඉදිකර තිබෙන්නේ. 

එමගින් දිනකට පිරිපහදු කර ලබා දෙන ජල ප්‍රමාණය ඝන මීටර් හයදහස් හත්සිය පනහක්. 

ජල යෝජනා ක්‍රමයට ජලය ලබා ගන්නා ප්‍රධාන මූලාශය වී ඇත්තේ කඹුරුපිටි ඔයයි. 

එහෙත් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් නළ මගින් සහ බවුසර් මගින් ජලය ලබා ගැනීම හේතුවෙන් තමන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. 

අද වන විට ජලයේ වටිනාකම වෙනදාටත් වඩා වැඩියෙන් දැනෙන යුගයක් බවට පත්ව තිබෙනවා. 

පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සපයා ගත නොහැකිව පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව මේ වනවිට දොළොස් ලක්ෂ හතලිස් දෙදහස් එකසිය හතලිහක්. ඔවුන් දිස්ත්‍රික්ක 19ක පවුල් තුන් ලක්ෂ හැට දහස් හාරසිය අසූ හතකට අයත්. 

මේ හේතුවෙන් ජල බිදක් හෝ අපතේ නොයවා රැක ගැනීම අද වන විට ජාතික වගකීමක් වී තිබෙනවා. 

තනි තනිව මෙන්ම ප්‍රජාව ද දැනුවත් කරමින් ජලය සුරැකීම සඳහා ඔබට ද දායක විය හැකියි. 

නෙත් එෆ් එම් වී ලීඩ් ශ්‍රී ලංකා සංකල්පයෙන් අපි යෝජනා කරන්නේ ද ගැටළුවලට චෝදනා කිරීමෙන් පමණක් නොනැවතී හැකි උපරිම ආකාරයෙන් ඊට විසදුම් සෙවීමට දායක වන ලෙසටයි.