Thursday, April 25, 2024

General line - 0115112241

පුෂ්පකුමාර ධවාන් දවයි!




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 03ක් දැවී ලකුණු 235ක් ලබා සිටියා. අද දිනයේ සිය හය වන ටෙස්ට් ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් මලින්ද පුෂ්ප කුමාරගේ පන්දුවක් හමුවේ ලකුණු 119කට දැවී ගියා.

අනෙක් ආරම්භක පිතිකරුවා වූ කේ. එල් රාහුල් දැවී ගියේ ලකුණු 85කටයි. එම කඩුල්ල ද මලින්ද පුෂ්පකුමාරට හිමි වුණා. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ චෙතිස්වර් පුජාරා ලකුණු 08කට දැවී ගියා. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.