Thursday, April 18, 2024

General line - 0115112241

ගංවතුරට නාය යෑමට ලක්වූවන්ට මෙන්න පණිවිඩයක් - ළඟම බැංකුවෙන් ගත හැකි සහන මෙන්න 




පසුගිය දා ඇතිවූ  ගංවතුර සහ නාය යෑම් නිසා  හානියට පත් පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක  ණය සහනයන් පිළිබඳව එම පුද්ගලයන් දැනුවත්ව නොමැති බව මහ බැංකු ආරංචි මාර්ග පවසනවා.

ගණුදෙනුකරුවන්ගේ ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්කරලීම උදෙසා ඔවුන් අනතුරට ලක්වන විට ලබා ගෙන තිබූ ණය සඳහා මෙම සහනයන් ලබා ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට  ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේ දැනුම් දී තිබුණා.

2017 මැයි මස 25 වන දින තෙක් පැවති සක්‍රීය ණය  සඳහා මාස 03 කට නොවැඩි සහන කාලයක් ලබා දීම සහ එම කාලයට අදාළ දඩ පොළී කපා හැරීම එම සහනයන් වනවා.

ඉහත සඳහන් සහනයන් බොහෝ දෙනෙකු ලබා ගෙන නොමැති නිසා අදාළ ගනුදෙනුකරුවන්ට තමාගේ ලඟම ඇති බැංකු ශාඛාවෙන් මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටිනවා.