Thursday, March 28, 2024

General line - 0115112241

විජේදාස බේරාගන්න ශ්‍රීලනිපය සූදානම්!




අමාත්‍ය විජේදාස රාජපක්ෂයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. හාලිඇල ප‍්‍රදේශයේ දී අද පැවති උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

රවී කරුණානානායක මන්ත‍්‍රීවරයා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආකාරයට දේශපාලනයෙන් ඉල්ලා අස්විය යුතු කිහිප දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව ද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මෙහි දී කියා සිටියා.