Friday, March 29, 2024

General line - 0115112241

නින්දා අපහාස චෝදනා ආවත් පිරිසිදු දේශපාලන සංස්කෘතිකයක් හදනවා




කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුව ද පිරිසිදු දේශපාලන සංස්කෘතිකයක් රට තුළ බිහි කිරීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තලාව ක‍්‍රීඩාංගණයේ අද පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

මහවැලි එච් කලාපයේ ගොවිජනතාවට ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් මින් පෙර කිසිදු රජයක් ඉටු නොකළ සේවාවක් ඉටු කිරීමට සිය රජය මුලපුරා ඇති බවයි. 
 වොයිස් කට් - (එම් එස් -02*