Thursday, March 28, 2024

General line - 0115112241

වගා හානි වන්දි නොදුන්නොත් බලාගෙනයි!




රජය පොරොන්දු වූ පරිදි වගා හානි සඳහා ගොවීන්ට වන්දි ලබා දීම මගහරිමින් සිටින බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ වගා හානි සිදු වූ ගොවීන්ට මසකට රුපියල් දස දහස බැගින් මාස 04කදී රුපියල් හතලිස් දහසක මුදලක් ලබා දීමට රජය පොරොන්දු වුව ද මෙතෙක් ගෙවා ඇත්තේ එක් වාරිකයක් පමණක් බවයි. එය ලබා ගැනීම ස`දහා ඉදිරියේ දී ක‍්‍රියාමාර්ග කිහිපයක් ගන්නා බවයි දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මෙහි දී අනතුරු ඇගවීමක් ද සිදු කෙරුණා.