Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියාව සමග පැටලෙන ට්‍රම්ප් ජිං පින් සමග දුරකතන සංවාදයක්!




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජිං පින් අතර දුරකථන සංවාදයක් ඇති වී තිබෙනවා. ඒ පැන නැගි ඇති උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන්. අමෙරිකානු බල ප‍්‍රදේශයක් වන ගුවාම් දූපත් ආසන්නයට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැළසුමක් ඇති බවට උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කිරීමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ගුවාම් දූපතට කිසියම් දෙයක් සිදු වුවහොත් ඊට දැඩි ප‍්‍රතිචාර බලාපොරොත්තු විය හැකි බවයි.  කෙසේ වෙතත් චීන ජනාධිපති ශී ජිං පිං අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ පවතින තත්ත්වය තවත් උග‍්‍රවන ලෙස කටයුතු නොකරන ලෙසයි.