Friday, April 19, 2024

General line - 0115112241

චන්දන කත්‍රිආරච්චිගේ සභාපතිකම අරන් නිරෝෂන් පාදුක්කට දීලා




පිළියන්දල ඓතිහාසික ගනේවත්ත දේවාලයේ සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන්, කැස්බෑව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක චන්දන කත්‍රිආරච්චි ඉවත් කර තිබෙනවා.

ඒ, එම දේවාලයේ සංවර්ධන කමිටුවේ සාමාජිකයින්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවති රැස්වීමකදීයි.

දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහී වැලිවත්ත විසින් අදාළ රැස්වීම කැඳවා තිබුණා. එහි අරමුණ ලෙස දැනුම් දී තිබුණේ තමන් එම දේවාලයේ කපු තනතුරෙන් ඉවත් වන බව දැනුම්දීමට බවයි.

දේවාලයේ එක් රැස් වන මුදල් සම්බන්ධයෙන් අක්‍රමිකතාවක් සිදුවන බවත් එය පාලනය කිරීමට තමන්ට නොහැකි වීම ඉවත් වීමට හේතුව බවත් රැස්වීමේ දී ඔහු පවසා තිබෙනවා.

එහි දී රැස්ව සිටි පිරිස ප්‍රකාශ කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු තනතුරෙන් ඔහුට ඉවත් නොවන ලෙසයි. දේවාලයේ සංවර්ධන කමිටු සභාපති තනතුරෙන් චන්දන කත්‍රිආරච්චි ඉවත් කිරීමද ඒ අනුව සිදුව තිබෙනවා.

පුරප්පාඩු වූ තනතුර සඳහා අලුතින් පත්කර ඇත්තේ කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක නිරෝෂන් පාදුක්කයි.

හිටපු සභාපති චන්දන කත්‍රිආරච්චි සහ දේවාලයේ සිදු වූ මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් ද නෙත් නිවුස් නව සභාපති නිරෝෂන් පාදුක්කගෙන් විමසා සිටියා.

එහෙත් ඔහු පැවසුවේ තර්ක කිරීමට තමන් සූදානම් නොමැති බවත් සාකච්ඡා කර හරි හෝ වැරුද්ද කුමක්දැයි ඉදිරියේ දී තීරණය කරන බවයි.

කෙසේ වෙතත් දේවාලයේ සංවර්ධන කමිටුවේ අනුශාසකවරුන් ලෙස හිටපු සභාපති චන්දන කත්‍රිආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ පත්කර ගත් බවද ඔහු මෙහිදී කියා සිටියා.