Saturday, April 20, 2024

General line - 0115112241

විජයදාසට එරෙහි විශ්වාසභංගයේ එජාප නිල ස්ථාවරය හෙළි කරයි




අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් තීරණයක් ගෙන නැතැයි එහි මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් සූදානම් වන බවට ඉකුත් දිනවල පළ වූ වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අපරාධ නඩු විධාන සංග්‍රහයේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනතේ වූ නියෝගයක් ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී ඉකුත්දා ප්‍රකාශයක්ද කර තිබුණා.