Thursday, April 25, 2024

General line - 0115112241

මුදල් ප්‍රමාද නිසා ඔස්සිජන් සැපයුම නවතලා - රෝහලේ දරුවන් 60 ක් මියයයි (PHOTOS)




ඔක්සිජන් සැපයුම නතර වීම හේතුවෙන් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රජයේ රෝහලක ළමයින් මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇති ළමයින් ගණන 60 දෙනෙකුට වැඩියි.

සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා ඔක්සිජන් සැපයුම නතර කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් සාත්තු සේවිකාවන් අතින් ක්‍රියාකරවන ශ්වසන ආධාරක මගින් ළමයින්ට ඔක්සිිජන් ලබාදීමට උත්සහ කළ බවයි රෝහලේ පරිපාලකයන් ප්‍රකාශ කළේ.

ළමයින්ගේ මව්පියන් සහ ඥාතීන් වාට්ටුවල රැස්වීම නිසා ඊට බාධා සිදු වූ බවද ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

මෙම මිය ගිය දරුවන් අතර වැඩි පිරිසක් අලුත උපන් දරුවන් බවද වාර්තා වෙනවා.