Saturday, April 20, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගයේ වාහන 05 ක් එක පෙළට ගැටෙයි




දකුණු අධිවේගී මාර්ගයේ 2.4 එල් ස්ථානයේදී ඊයේ (12) රාත්‍රියේ එක දිගට වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

වාහන පහක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වුණේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් ගමන් කළ කාර් රථයක ගැටී පසුව තවත් කාර් රථයක සහ වෑන් රථයක සහ කැබ් රථයක ගැටී තිබෙනවා.

අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණා.