Friday, April 19, 2024

General line - 0115112241

හදිසියේ ඇද හැළුනු අයිස් වැස්ස (VIDEO)

ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ




ඊයේ (12) දිනයේ පැවැති වර්ෂාවත් සමග හදිසියේ අයිස් කැට වර්ෂාවක්ද ඇති වී තිබෙනවා.

වැලිමඩ ප්‍රදේශයට මෙම අයිස් වැස්ස පතිත වී ඇති අතර ශ්‍රී ලාංකිකයින්ට එතරම් සුපුරුදු නොවූ මෙම අත්දැකීම  වීඩියෝ ගත කර ගැනීමට බොහෝ දෙනෙකු සමත් වී තිබෙනවා.

වැලිමඩ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට මෙම අයිස් වැස්ස පතිත වී තිබෙනවා.

පැය 05ක පමණ කාලයක් වැලිමඩ ප්‍රදේශයට අධික වැස්සක් ඇද හැලී ඇති අතර ඒ අතරතුර පැය භාගයක පමණ කාලයක් මෙම අයිස් වැස්ස පතිත වී තිබෙනවා.

(එම අයිස් වැස්සේ වීඩියෝව පහතින් දැක්වෙයි)