Thursday, October 19, 2017
Hotline - 0770586666

සුමාත්‍රාවල භූ කම්පනයෙන් ලංකාවට ඇති අවදානම පහව යයි (UPDATE)

11763Views

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගත් භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ අනතුරු ඇඟවීම මේ වන විට ඉවත් කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානම් තත්ත්වයක් ඇති වීමේ අවදානම පහව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

---------------------------------------------------------

සුමාත්‍රාවල භූ කම්පනයක් - අවදානයෙන් සිටින්නැයි වෙරළබඩ ජනතාවට දැනුම්දීමක්

(2017 - 08 - 13 10:35)

 

ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයක් ලෙස මෙය සටහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සුමාත්‍රාවේ - බෙන්කුලු නගරයට කිලෝමීටර් 81 ක් බටහිර දෙසින් මුහුදේ කිලෝමීටර් 67 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් මේ පිළිබඳව ජනතාව කලබල විය යුතු නැති බවයි ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.