Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රීඩකයෙක් පන්දුවාරයකින් ටෙස්ට් ඉතිහාසය අලුත් කරයි




ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුත්වන තරගයේ දෙවන දිනය අදයි.

මීට නොබෝ වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 487ක් ලබාගත්තා.

ටෙස්ට් තරගයකදී ඉන්දීය ක්‍රීඩකයෙක් පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස හාර්ඩික් පාන්ඩියා පත් වුණා.

ඒ අනුව පන්දුවාරයකදී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 26 ක්. මලින්ද පුෂ්පකුමාර යැවූ පන්දුවාරයකදී ඔහු මෙම ලකුණු සංඛ්‍යාව රැස් කළා.

පන්දු 96 ක් තුළ ලකුණු 108 ක් රැස් කිරීමටද ඔහු සමත් වුණා.