Tuesday, April 23, 2024

General line - 0115112241

අවසානයේ සියල්ලන්ම හොරු... කළ පව්වලින් මිදීමට අවශ්‍ය නම් වහාම එකතු වෙන්න! - හිටපු ජනපති කියන දේ (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




කළ පව්වලින් මිදීමට අවශ්‍ය නම් වහාම තනතුරු අතහැර දමා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පියා වූ ටී.බී. තෙන්නකෝන් සිහි කරමින් දඹුල්ලේ සංවිධානය කර තිබුණු දානමය පිංකමකට අද (13) එක් වෙමින් හිටපු ජනපතිවරයා මේ බව කියා සිටියා.

වර්තමානය වනවිට රට විශාල අගාධයකට ඇඳවැටී ඇති බවත් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව නෙළුම් අල ආහාරයට ගන්න තත්වයට පත්ව, දුප්පතුන්ට හිරිහැර රැසක් සිදුවන නිසා එම තත්වයට රට පත්කිරීමේ පාප කර්මයෙන් මිදෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට කියාසිටියා.

පෙරදා තමන්ට හොරා කියූ පිරිස දැන් අන් අයටත් හොරා යැයි පවසන බවත් දැන් බලන විට සියල්ලන්ම හොරු යැයි හිටපු ජනපතිවරයා සඳහන් කළා.

රටේ ජනතාවට බර පටවනු ලබන්නේ ණය නිසා නොවන බවත් බැඳුම්කර සොරකම වසා ගන්නට බවද ඔහු මෙහිදී පවසා සිටියේය.