Friday, April 19, 2024

General line - 0115112241

අලුත් විදේශ ඇමති දින දෙකකින් එළියට




නව විදේශ අමාත්‍යවරයා පත් කිරීම ඉදිරි දින දෙක තුළ සිදුවනු ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. 

ඔහු කියාසිටියේ විදේශ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකුද පත්වීමට නියමිත බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ බිම්ස් ටෙක් සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව දිවයිනට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.