Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව දැවී යාම වාර්තා පොතට




ඉන්දියාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 37යි පන්දු 4කට සීමාවීම වාර්තාපොත් අළුත්කර තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයක පළමු ඉනිමේදී අඩුම පන්දුවාර සංඛ්‍යාවක් තුළ දැවී ගිය 3 වන අවස්ථාව ලෙසටයි. 

එමෙන්ම ඉන්දියාව හමුවේ ටෙස්ට් තරගයකදී දැවී ගිය අඩුම පන්දුවාර සංඛ්‍යාවද මෙයයි. 

මීට පෙර 1994 දී පාකිස්තානය හමුවේ පන්දුවාර 28යි පන්දු දෙකකදී සහ 2016 දී ඔස්ට්‍රේලියාව හමුවේ පන්දුවාර 34 යි පන්දු 2 කදී ශ්‍රී ලංකා පිල දැවී ගොස් තිබුණා.