Wednesday, July 18, 2018
Hotline - 0770586666

මාරාන්තික උපවාසයේ නිරත වූ ආබාධිත රණවිරුවා රෝහලට

1209Views

 

මාරාන්තික උපවාසයක නිරත වූ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී වසන්ත අද (13) පස්වරුවේ රෝහල්ගත කෙරුණා.

දින දෙකක සිට මාරාන්තික උපවාසයේ නිරත වූ ඔහු ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. 

රාවණා බලය සංවිධානයේ  මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට එම ස්ථානයට වැඩම කර තිබෙනවා.