Saturday, April 20, 2024

General line - 0115112241

මරණ බිය කැන්දූ නගරයට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ යළි යන්න සැරසෙයි




ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පැවති රැස්වීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ සංචාරය පිළිබඳ තීරණය ස්ථීර කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී පකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිතයි.

පන්දුවාර 20 ක්‍රිකට් තරග 03ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයේ සංචාරයකට එක්වනු ඇති. ඉන් එක් තරගයක් පැවැත්වෙන්නේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී වීමද විශේෂත්වයක්.

2009 වසරේ දී ලාහෝර්හි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හය දෙනෙකු ද තුවාල ලැබුවා.

අදාළ සිද්ධියෙන් පසු ගතවූ කාලය තුළ ටෙස්ට් වරම් දිනූ කිසිඳු ප්‍රධාන පෙලේ ක්‍රිකට් කණ්ඩායමක් පකිස්තානයේ සංචාරය කළේ නැහැ.

ඒ, එරට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසන්නේ පකිස්තානයේ ආරක්ෂාව දැන් යහපත් අතට පත්ව ඇති බවයි.

ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවක් මගින් එය තහවුරු කරගත් බවත්, ලාහෝර් නගරයේ ආරක්ෂාවද සහතික කර ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

එහෙත් එළඹෙන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කවුරුන්දැයි ඔහු ප්‍රකාශයට පත්කර නැහැ.