Wednesday, April 24, 2024

General line - 0115112241

බොන්නට දිය පොදක් නැති වැවේ කන්නට යමක් සොයන තරුණයින් (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




රටේ බොහෝ ප්‍රදේශවලට පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 8000 ක පමණ පිරිසක් පිඩාවට පත්ව සිටින බවයි මාතලේ ආපදා කළමනාකරණ අංශ ප්‍රධානි චමින්ද අමරවීර පැවසුවේ.

මේ තත්ත්වය නිසා වැඩිම පීඩාවකට ලක්ව ඇත්තේ  විල්ගමුව, හා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පදිංචිකරුවන්.

දඹුල්ල, ලග්ගල ,විල්ගමුව ,ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පිහිටි කුඩා වැව් රැසක්ම මේ වනවිටත් සිඳී ගොස් අවසන්.

බොන්නට දිය පොදක් සොයා ගත නොහැකි එම වැව්වෙත තවමත් ගම්වාසීන් පැමිණෙන්නේ කන්නට යමක් හෝ සොයා ගැනීමේ අරමුණින්. මෙම තරුණයින් ද එම වැව්වල ඇති නෙලුම් අල හාරන්නේ ඒ වෙනුවෙනි.