Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරගවලින් ඉන්දීය ප්‍රබලයන් ඉවත් වේ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයික් රැසක් ඉවත් කර තිබෙනවා.

ඒ අතර යුවරාජ් සිං, රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඬේජා ද ඇතුළත්.

ඊට අමතරව දිනේෂ් කාර්තික්, මොහොමඩ් සාමි සහ උමේෂ් යාදේව්ද ඉන්දීය සංචිතයට කැඳවා නැහැ.

15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා වන්නෙ විරාත් කෝලියි. රෝහිත් ශර්මා, කේ.එල්. රාහුල්, මනේෂ් පාන්ඬේ හා අක්ෂාර් පටෙල් සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වනවා. පන්දුවාර විස්ස තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 06 වැනිදායි.