Friday, April 26, 2024

General line - 0115112241

කඩුලු 6ක් අතේ..ගරුත්වය රැක ගන්න 270ක් අඩුයි - ශ්‍රී ලංකාව දැන් නොසිතූ තැනක 




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී   ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට්  තරගයේ තුන්වන දිනය අද(14) යි. 

පිට පිට සිය දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී  ලංකාව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ 04ක් දැවී ලකුණු 82ක් රැස්කර ගෙන සිටියා. 

ඒ අනුව කඩුලූ 06ක් අතැතිව ශ්‍රී  ලංකාව දැන් පසුවන්නේ ඉන්දියාවට වඩා තවත් ලකුණු 270ක් පිටුපසින්. 

අද දිනයේ ශ්‍රී  ලංකා ලකුණු පුවරුවට ලකුණු 20ක් එක්වන විට තවත් කඩුලූ 03ක් බිඳ  වැටීම විශේෂත්වයක්. 

දිමුත් කරුණාරත්න ලකුණු 16කටත්, මලින්ද පුෂ්පකුමාර ලකුණු 01කටත්, කුසල් මෙන්ඩිස් ලකුණ 12කටත් දැවී ගියා. 

නොදැවී පන්දුවට පහරදෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 26ක් හා ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 17ක් රැස් කරගෙන සිටිනවා. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගී ඇති නොබිදුණු සබඳතාව ලකුණු 43ක්. 

ඉන්දියාව වෙනුවෙන් මොහොමඞ් සාමි කඩුලු දෙකක් දවාගත් අතර  අශ්වින් හා උමේෂ් යාදෙව් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.