Friday, March 29, 2024

General line - 0115112241

312 කට මරු කැඳවමින් ෆ්‍රීටවුන්හි දරුණු නායයෑමක් (PHOTOS)




සියරා ලියෝන් රාජ්‍යයේ අගනුවර වන ෆ්‍රීටවුන් ආසන්නයේ සිදුවූ දරුණු නායයෑමකින් හා වැසි ජලයත් සමග නගරයේ බොහෝ නිවාස මඩ තට්ටුවලින් වැසීයාම නිසා මියගිය පිරිස මේ වනවිට 312ක් දක්වා වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගනුවර ආසන්න කඳුකර ප්‍රදේශයක් වන රීජන්ට් ආශ්‍රිතව ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග මෙම නායයෑම සිදුව ඇති අතර, පහළ පැවති බොහෝ නිවාස පහළට ඇදී ආ මඩ තට්ටුවලට යට වී තිබෙනවා.

සියරා ලියෝන් බී.බී.සී. වාර්තාකරු පවසා සිටින්නේ මෙම නායයෑම සිදුවන අවස්ථාවේදී බොහෝ දෙනා නින්දේ පසුව ඇති බවයි.

සහන කණ්ඩායම් විසින් මේ වනවිටත් මළ සිරුරු රැසක් මඩ අතරින් පිටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සියරා ලියෝන් උප ජනාධිපති වික්ටර් බොකාරි ෆෝහ් කියා සිටියේ නින්දේ සිටි සිය ගණනක් මෙම ඛේචවාචකයෙන් අනතුරට පත්වන්නට ඇති බව තමන් විශ්වාස කරන බවයි.