Friday, March 29, 2024

General line - 0115112241

ඕනෑම වේලාවක මුදල් තැන්පත් කිරීමේ වරම හිමිවන 'එන් එස් බී අයි සේවර්' 




ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනය එක්ව නිර්මාණය කරන ලද 'එන් එස් බී අයි සේවර්' සේවාව දියත් කිරීම අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණා. 

ඒ, ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. 

'එන් එස් බී අයි සේවර්' සේවාව හරහා දිවයිනපුරා පිහිටි දහසය දහසකට  අධික මොබිටෙල් නියෝජිත මධ්‍යස්ථාන ඔස්සේ ඕනෑම වේලාවක සිය මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනවා. 

කොළඹ ජාතික ඉතිරි කිරීමේ බැංකු ප්‍රධාන ශාඛා පරිශ්‍රයේ පැවති මෙම සමාරම්භක උත්සවයට අමාත්‍යවරුන් වන කබීර් හෂිම්, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ ශ්‍රී  ලංකා ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.