Friday, April 26, 2024

General line - 0115112241

වංචා දූෂණ විමර්ශන දේශපාලනීකරණය වූ හැටි



වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වන විමර්ශන දේශපාලනීකරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේ මේ නිසා වංචා සහ දූෂණ සිදු කළ තැනැත්තන්ට වීරයන් වීමට ද අවස්ථාවක් ලැබී ඇති බවයි.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ (16) රාත‍්‍රීයේ ප‍්‍රචාරය වූ නෙත් අන්ලිමිටඩ් වැසටහනේ දී ඔහු මේ බව පැවසුවා.

ජාතික තීරණ දේශපාලනික හේතූන් මත ගැනීම නිසා සුදුස්සාට සුදුසු තැන අහිමි වී ඇතැයි ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා. 

වංචා සහ දූෂණ නතර කිරීම හෝ රට වෙනස් කිරීම නීතියෙන් පමණක් සිදු කළ නොහැකි බව ද ඒ සඳහා පාලකයන් ආදර්ශමත් වීම ද අවශ්‍යම වන බවයි මෙම සංවාදයේ දී අවධාරණය කෙරුණේ.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් අහන්න)