Friday, April 19, 2024

General line - 0115112241

හිටපු ජනපතිවරයෙකු තැබූ ලොව හෙල්ලු ට්විටර් පණිවුඩය මෙන්න




මෙතෙක් ඉතිසාහයේ වැඩිම වශයෙන්ම කැමැත්ත (Like) පළ වූ ට්විටර් පණිවුඩය බවට ඉකුත් 12 වැනිදා ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පළ කළ ට්විටර් පණිවුඩයක් පත්ව තිබෙනවා.

නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වෙනස් වාර්ගික පසුබිම් සහිත දරුවන් කණ්ඩායමක් සමග සිනාසෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සහිතව හිටපු ජනාධිපතිවරයා එම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණා.

හිටපු ජනාධිපති ඔබාමා 2011 වසරේ දී මෙරිලෑන්ඩ්හි ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සංචාරය කළ අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපයකුයි ඉහත සඳහන් ට්විටර් පණිවුඩය තුළ අඩංගු කර තිබුණේ.

සිය ට්විටර් පණිවුඩ මාලාව තුළ හිටපු ජනාධිපතිවරයා විසින් නෙල්සන් මැන්ඩෙලාගේ 'The Long Walk To Freedom' නමැති ස්වයං චරිතප්‍රදානයේ අඩංගු පාඨයක් උපුටා දක්වනු ලැබ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

"සමේ වර්ණය හෝ පසුබිම හෝ ආගම උපතින් කෙනෙකු තවත් කෙනෙකුට වෛර කිරීමට හේතු නොවේ."

"මිනිස්සු වෛර කිරීමට උගත ගත යුතුයි. ඔවුන්ට එසේ උගත ගත හැකි නම් ඔවුන්ට ආදරය කිරීමට ද උගත හැකියි, මිනිස් හදවත් තුළ ස්වභාවයෙන්ම ජනිත වන්නේ ආදරය මිස වෛරය නොවේ."

පසුගිය මැයි මාසයේ එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවති සංගීත ප්‍රසංගයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව සිය කණගාටුව පළ කර අරියානා ග්‍රෑන්ඩේ විසින් පළ කරන ලද ට්විටර් පණිවුඩය අභිබවා ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ ඉහත කී පණිවුඩය ඉදිරියට පැමිණ තිබෙනවා.