Tuesday, March 19, 2024

General line - 0115112241

ගමක් රවටා වැවක් වනසයි (PHOTOS)

ප්‍රියංකර කලුපහන




පුත්තලම - මනල්තිව් ප‍්‍රදේශයේ පිහිටි වසර 1500ක් පමණ පැරණි වැවක් අත්පත් කර ගැනීම සඳහා ව්‍යාපාරිකයෙකු කූඨ ලෙස කටයුතු කර ඇති බව ප‍්‍රදේශවාසින් පවසනවා.

මෙම වැව අක්කර 1500ක පමණ භූමි වපසරියකින් යුක්ත අතර මෙම ව්‍යාපාරිකයා ව්‍යාජ ඔප්පුවක් සකසා ඉන් කොටසක් අත්පත්කර ගෙන ඇති බවයි පැවසෙන්නේ. 

ප‍්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ප‍්‍රතිචාරයක් ඔවුන් දක්වා නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.