Thursday, March 28, 2024

General line - 0115112241

ඇමති විජයදාස ගැන තීරණයක් ගන්න අවසන් එකඟතාවයකට එයි




අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව අවසන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් මේ වන විට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ ඒ පිළිබඳ බලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමටයි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට අවසන් වී තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. 

මෙම සාකච්ඡා සඳහා එක්සත් ජතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් එක්ව සිටියා.

බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් පසුගියදා කටයුතු ආරම්භ කළා.