Friday, April 19, 2024

General line - 0115112241

තවත් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම්




මීගමුවේ ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. අද දහවල් 12 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය සඳහන් කළේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් මෙලෙස හදිසියේ කඩා වැටීමට ලක්ව ඇති බවයි.

මීගමුවේ හෝටලයක සඳහා ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී ඇති බවත් සඳහන්.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවූ සේවකයින් දෙදෙනෙකු මේ වන විට බේරා ගෙන ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා. සුන්බුන් අතර සිරවූ අනෙක් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මීට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේදී ද අඩක් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි සේවය කළ පිරිසක් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නා.