Wednesday, April 24, 2024

General line - 0115112241

ඩයලොග් ආසියාටා අලුත්ම නිවාස ව්‍යාපෘතිය




ඇහැලියගොඩ සහ කොටපොල ප‍්‍රදේශයන්හි ගං වතුරෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් ‘‘ඩයලොග් ආසියාටා’’ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා.

‘‘සෙනෙහෙ සියපත’’  නම් මෙම ව්‍යාපෘතියෙන් මීට පෙර අරණායක ප‍්‍රදේශයේ දී නාය යාම් හේතුවෙන් නිවාස අහිමි වූවන් සඳහා ද නව නිවාස ලබා දුන් බවයි ඩයලොග් ආසියාටා ආයතනය පවසන්නේ.

ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය සමග එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනවා.