Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති රාජිත ජනපති අගමැති උත්සාහය වසන් කරනවා




ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මැදිහත්වීමෙන් සයිටම් අර්බුදය විසදීමට දැරූ උත්සහය වසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම සංගමය සඳහන් කළේ රජය විසින් ගත් ප‍්‍රතිපත්තිමය තීරණ උල්ලංඝණය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තනෝමතිකව ක‍්‍රියා කරමින් සිටින බවයි.

වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව මුදල් ඉපයීමේ පරමාර්ථය පමණක් පෙරදැරි කර ගනිමින් ක‍්‍රියා කිරීම රටේ යහපත පතන ජනතාවට අදාගත නොහැකි කරුණක් බවයි ඔවුන් පැවසුවේ.