Friday, April 19, 2024

General line - 0115112241

තාජුඩීන් ඝාතන පරීක්ෂණයට කියා කැඳවා පවුලේ අයගෙන් වෙන ප්‍රශ්න අහලා! හිටපු ජනපතිගෙන් නිවේදනයක්




සිය පවුලේ සාමාජිකයින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ගෙන්වා ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ආණ්ඩුවේ මහා පරිමාණ වංචා හා දූෂණ අනපේක්ෂිත ලෙස හෙළිවෙමින් ඇති බැවින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ආණ්ඩුව එලෙස උත්සහ දරණ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

සිය පවුලේ සාමාජිකයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ගෙන්වා ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.  වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යැයි පොලිසිය මාධ්‍ය වෙත ඉඟි කරමින් සිය පවුලේ සාමාජිකයින් ප‍්‍රශ්න කිරීම් සඳහා ගෙන්වා ගන්නා බවද එම නිවේදනයේ සඳහන්.

එහෙත් සිය පවුලේ සාමාජිකයින් ගෙන්වා වෙනත් කරුණු සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රාජපක්ෂවරුන්ට අදාළ නඩු ඇසීමට විශේෂ උසාවි පිහිටුවන බවට ආණ්ඩුව කරන ප‍්‍රකාශවලින් ඔවුන් කලබල වී තිබෙන තරම මනාව පැහැදිලි වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.