Thursday, March 28, 2024

General line - 0115112241

නව නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ?




ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මුණ ගැසුනා. නාවික හමුදා සම්මාන ආචාර මුරයක් පිරිනැමිමෙන්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිගැනුනා.

 අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත වුණා. මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම තනතුරින් අගෝස්තු 21දා විශ්‍රාම යාමට නියමිතය. ඉන් අනතුරුව එම තනතුරට පත්වන්නේ වත්මන් නාවික හමුදාපතිවරයාය.

ඉන් පුරප්පාඩුවන නාවික හමුදාපති තනතුර සඳහා නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා  පත්වනු ඇතැයි ආරක්ෂ ආරංචි මාර්ග විශ්වාසය පල කරනවා.