Thursday, April 25, 2024

General line - 0115112241

විජේදාසට අලුත් ඇමතිකමක්! රන්ජන් යෝජනා කරයි




අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව අනුමත කර තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ බව කියා සිටියා. 

උදෑසන 10ට ආරම්භ වූ මෙම රැස්වීම දහවල් 12ට පමණ අවසන් වුණා. එම රැස්වීමට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද එක්ව සිටියා. එහිදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සෙසු මන්ත‍්‍රීවරුන් දැරූ මතයට පරස්පර අදහස් පළ කළ බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ. 

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත පැවරීමට මෙහිදී තීරණය වූ බවයි අමාත්‍ය නවීන් දිසානායක මාධ්‍ය හමුවේ කියා සිටියේ. 
 

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඔහු පවසන්නේ විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යධූරයෙන් ඉවත්විය යුතු බවය. ඔහුට වෙනත් ඇමතිධූරයන් සුදුසු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා කාන්තා කටයුතු ඇමති ධූරය වැන්නක් යෝජනා කරනවා. වැඩිදුරටත් අදහස් දක්වන රන්ජන් රාමනායක පවසන්නේ ජාවාරම්කාරයි සමග ඩීල් ඇති අයෙකු අධිකරණ ඇමතිධූරයට සුදුසු නොවන බවය.