Friday, March 29, 2024

General line - 0115112241

බැඳුම්කර කොමිසම කල් දමයි!




ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ ඉදිරි සාක්ෂි විමසීම් සතියකින් කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා කළ ඉල්ලීමකට අනුවයි.

විමර්ශන කටයුතුවලට අදාළව අධ්‍යයනය කිරීමට විශාල ලේඛන ප‍්‍රමාණයක් තිබීම හේතුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. 

ඒ අනුව අගෝස්තු මස 25 වනදා එම කොමිසම යළි රැස්වීමට නියමිතයි.